9/30/2012

Microsoft Office Access 2007 Lesson No1(පාඩම් අංක 01 දත්ත වගු/Tables Datasheet View ආකාරය)

අද අපි බලමු Datasheet View ආකාරයට දත්ත වගුවක් සකසන හැටි.මුලින්ම Microsoft Office Access 2007 විවර කරගන්න.සුපුරුදු පරිදි ‍Blank Database තෝරාදෙන්න.පෙර පාඩමේ විස්තරකල වගුවම තමා අද මේ වෙනස් ආකාරයට මං හදන්න යන්නේ.දැන් ඔබට පහත වින්ඩෝව ලැබී ඇති.



දැන් මේකේ Add New Field තැන Right click කරලා Rename විධානය ‍තෝරන්න.ඊට පස්සේ කේෂ්ත්‍රයට අදාලනම ලබා දෙන්න.මේ විදිහට සියලුම කේෂ්ත්‍ර සමග වගුව සම්පූර්ණකරගන්න.දැන් ඔබට පහත වින්ඩෝව ලැබී ඇති.



දැන් අපි බලමු මේ කේෂ්ත්‍රවල Data Type වෙනස්කරන හැටි.මුලින්ම ඔබට වෙනස් කලයුතු කේෂ්ත්‍රය කේෂ්ත්‍රනම මත click කිරීමෙන් Highlight කරගන්න.දැන් Table Tools-Datasheet-Data Type අදාල දත්ත වර්ගයද,Format තුලින් එහි ස්භාවයද,Increase/Decrease Buttons මගින් ඇතිවිය යුතු දශමස්ථාන ගනණද ලබා දෙන්න.දැන් අපි බලමු කේෂ්ත්‍ර2ක් අතරට නව කේෂ්ත්‍රයක් දාගන්නේ කොහොමද කියා?Last Name සහ Age අතරට නව කේෂ්ත්‍රය දැමීමට අවශ්‍යයනම් Age කේෂ්ත්‍රය Highlight කර,


  1. Right Click කර Insert Column විධානය තේරීම.
  2. Table Tools-Datasheet තුලින් Insert Column විධානය තේරීම.

ඉහත ආකාරයටම අනවශ්‍යය
Column Delete කිරීමට DeleteColumn තෝරන්න.අපි ඊලග පාඩමෙන් ඉගෙනගමු Data Filter කිරීම පිලිබදව.



Microsoft Office Access 2007 ඉගෙන ගමු.(පාඩම් අංක 01
Data Filter කිරීම)

0 comments:

Post a Comment