9/30/2012

Microsoft Office Access 2007 Lesson No1(පාඩම් අංක 01 දත්ත වගු/Tables Datasheet View ආකාරය)

අද අපි බලමු Datasheet View ආකාරයට දත්ත වගුවක් සකසන හැටි.මුලින්ම Microsoft Office Access 2007 විවර කරගන්න.සුපුරුදු පරිදි ‍Blank Database තෝරාදෙන්න.පෙර පාඩමේ විස්තරකල වගුවම තමා අද මේ වෙනස් ආකාරයට මං හදන්න යන්නේ.දැන් ඔබට පහත වින්ඩෝව ලැබී ඇති.



දැන් මේකේ Add New Field තැන Right click කරලා Rename විධානය ‍තෝරන්න.ඊට පස්සේ කේෂ්ත්‍රයට අදාලනම ලබා දෙන්න.මේ විදිහට සියලුම කේෂ්ත්‍ර සමග වගුව සම්පූර්ණකරගන්න.දැන් ඔබට පහත වින්ඩෝව ලැබී ඇති.



දැන් අපි බලමු මේ කේෂ්ත්‍රවල Data Type වෙනස්කරන හැටි.මුලින්ම ඔබට වෙනස් කලයුතු කේෂ්ත්‍රය කේෂ්ත්‍රනම මත click කිරීමෙන් Highlight කරගන්න.දැන් Table Tools-Datasheet-Data Type අදාල දත්ත වර්ගයද,Format තුලින් එහි ස්භාවයද,Increase/Decrease Buttons මගින් ඇතිවිය යුතු දශමස්ථාන ගනණද ලබා දෙන්න.දැන් අපි බලමු කේෂ්ත්‍ර2ක් අතරට නව කේෂ්ත්‍රයක් දාගන්නේ කොහොමද කියා?Last Name සහ Age අතරට නව කේෂ්ත්‍රය දැමීමට අවශ්‍යයනම් Age කේෂ්ත්‍රය Highlight කර,


  1. Right Click කර Insert Column විධානය තේරීම.
  2. Table Tools-Datasheet තුලින් Insert Column විධානය තේරීම.

ඉහත ආකාරයටම අනවශ්‍යය
Column Delete කිරීමට DeleteColumn තෝරන්න.අපි ඊලග පාඩමෙන් ඉගෙනගමු Data Filter කිරීම පිලිබදව.



Microsoft Office Access 2007 ඉගෙන ගමු.(පාඩම් අංක 01
Data Filter කිරීම)

Microsoft Office Access 2007 Lesson No2(පාඩම් අංක 02 දත්ත වගු/Tables Design View ආකාරය ii)

පසුගිය පාඩමෙන් අපි දත්තපදනම සකස් කරනා ආකාරය ඉගෙනගත්තා. අද අපි දත්තවගුක් පහත උදාහණයේ ආකාරයට සකස ආකාරය බලමු.අද මං හදන්නේ සිසුන්ගේ තොරතුරු ඇතුලත් වගුවක්/Students details Table.ඒකට පහත කේෂ්ත්‍ර ඇතුලත් වෙනවා.
 
  • Index No
  • First Name
  • Last Name
  • Age
  • Gender
  • Entry Date
  • Leaving Date
  • Paid Fee
  • Last exam qualification


දැන් View තුලින් Design Viewට ගිහිල්ලා ඉහත Fields/කේෂ්ත්‍ර ටික හදාගන්න.එතකොට පහත ආකාරයට ලැබෙයි.කලින් පාඩමේ ආකාරයට සුදුසු Data Types යොදාගන්න.දැන් අපි බලමු Field1කේ Field Size වෙනස් කරලා.අපි හිතමු First Name කියන Field1අකුරු 15ක් ඇතුලත් වෙනවා කියා,එහෙනම් First Name Field1 click කරලා Field Properties වලින් Field Size ‍තෝරන්න.දැන් Field Size තැනට 15 ලබාදෙන්න.එතකොට First Name සදහා අපිට අකුරු 15ක් සහිත නමක් විතරයි ලබාදෙන්න පුලුවන් වෙන්නේ.මේ විදියට ඔබට අවශ්‍යය ආකාරයට අනෙක් Fields සදහාද Field Sizes ලබාදෙන්න.


 
Field Properties යටතේ Text Align තුලින් අපිට Align හෙවත් අකුරු පෙලගැස්ම වෙනස් කරගන්න පුලුවන්.Left,Right,Center..ආදී වශයෙන්.ඒ වගේම ඉලක්කම් සහිත අගයන් ඇති කේෂ්ත්‍ර වලට Field Properties හි Format තුලින් මෙම අගය යුරෝ වැනි මුදල් අගයක්ද,විද්‍යාත්මක අංකනයෙන් ලිවිය යුතු අගයක්ද නැතහොත් ප්‍රතිශත අගයක්ද....ආදී වශයෙන් ‍තෝරාදිය හැක.එමෙන්ම Decimal Places තුලින් ඔබගේ ඉලක්කම් සහිත අගයට ඇතුලත් වියයුතු දශමස්තාන සංඛ්‍යාව මෙමගින් ලබාදිය හැක.ඔබ ලබාදී ඇති Data Type අගය අනුව ඉහත Field Properties හි යම් අගයන් වල සියුම්වෙනස්කම් සිදුවන බව ඔබට දත්තවගුව සෑදීමේදී වැටහෙනු ඇත.නමුත් ඒවා වැඩිදුරටත් විග්‍රහ නොකරනුයේ සාමාන්‍යය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගතහැකි තරම් සරල බැවිනි.ඔබට ඉහත කේෂ්ත්‍ර හදලාඉවර උනාට පස්සේ අලුත් කේෂ්ත්‍රයක් ඇතුල්කරගන්න ඕනනම්,අපි හිතමු Age හා Entry Date අතරට අලුත් කේෂ්ත්‍රය දාගන්න ඕනකියා එහෙනම් මුලින් Entry Date මත right click කර Insert Rows ලබාදෙන්න.ඒ වගේම ඕනෑම කේෂ්ත්‍රයක් ඉවත්කිරීමට ඉහත ආකාරයටම Delete Rowsබාදෙන්න.මේ ආකාරයට ඔබට ඕනැතරම් කේෂ්ත්‍ර ඇතුල් කිරීම හෝ ඉවත් කිරීම සිදුකිරීම කලහැක.ඉහත ආකාරයටම ඔබට Cut,Copy,Paste යන විධානයන්ද මෙම කේෂ්ත්‍ර සදහා භාවිතාකරන්න පුලුවන්.










 

දැන් අපි බලමු පසුගිය පාඩමේ සදහන්කල ආකාරයට අපේ දත්තවගුවට Primary Key1ක් යොදන හැටි.අපි සකසාතියෙන කේෂ්ත්‍ර අනුව Primary Key1 ක් යෙදීමට සුදුසුම කේෂ්ත්‍රය වන්නේ Index No කේෂ්ත්‍රයයි.මෙය ක්‍රම2කට සිදුකල හැක.


  • අදාල කේෂ්ත්‍රය මත Right Click කර Primary Key තේරීමෙන්.



  • Table Tools-Design හි ඇති Primary Key බොත්තම එබීමෙන්.
ඉහත කැමති ආකාරයකට Primary Key ලබා දුන්පසු ඔබට එය ඉවත් කිරීමට අවශ්‍යයනම් නැවත Table Tools-Design හි Primary Key බොත්තම එබීමෙන් හෝ කේෂ්ත්‍රය මත Right Click කර Primary Key නැවත ‍තෝරාදීමෙන් Primary Key1ක ඉවත්කල හැක.එවිට කේෂ්ත්‍රය ඉදිරියේ ඇති යතුරු සලකුණ නැතීවී යයි.අවසාන වශයෙන් ඔබේ දත්තවගුවේ කේෂ්ත්‍ර ඔබට රිසි පරිදි ඉහත ආකාර අනුව Format කරගන්න.දැන් මෙය Save කරගත යුතුය.මේ සදහා Microsoft Office Access හි ක්‍රම 3 ක් ඇත.


  1. යතුරු පුවරුවේ Ctrl+S යතුරු එකවර තදකිරීමෙන්.
  2. Quick Access Tool Bar හි ඇති Save බොත්තම තද කිරීමෙන්.





  3. Office Button1ඔබා ඒ තුල ඇති Save විකල්පය තේරීමෙන්.



දැන් අපි දත්තවගුව සාදා අවසන්.ඊලගට දත්තවගුව පිරවීම කලයුතුයි.දැන් නැවතත් View තුලින් ‍Datasheet View තෝරාදී ඔබේ දත්තවගුව සම්පූර්ණ කරන්න.ඔබට දත්ත ඇතුලත් කරන අතරතුරවුවද වගුවේ වෙනස්කමක් කිරිමටනම් නැවත Design View වලට මාරුවී අදාල වෙනස්කම කරගත හැක.ඕනැම වෙනසක් සිදුකල පසු Save කර නැවත Datasheet Viewට මාරුවීමට සිහිතබාගන්න.පහත දක්වාඇත්තේ එසේ සම්පූර්ණකරන ලද වගුවක රූපයක්.



අද පාඩමෙන් අපි Access වල Design View ආකාරය අවසන් කරන අතර නැවත පාඩමකින් Datasheet View ආකාරයෙන් දත්තවගුවක් සාදන ආකාරය ඉගෙනගමු.

Microsoft Office Access 2007 ඉගෙන ගමු.(පාඩම් අංක 03 දත්ත වගු/Tables Datasheet View ආකාරය i)

Microsoft Office Access 2007 Lesson No2(පාඩම් අංක 02 දත්ත වගු/Tables Design View ආකාරය i)

පසුගිය පාඩමෙන් අපි දත්තපදනම සකස් කරනා ආකාරය ඉගෙනගත්තා. අද අපි දත්තවගු සකසන ආකාරය බලමු.Microsoft Office Access හි දත්ත වගු සෑදීමට ආකාර2ක් ඇත.


  1. Datasheet View ආකාරය
  2. Design View ආකාරය

පළමුව අපි Design View ආකාරය ආකාරයට දත්ත වගුව සකසන අයුරු බලමු.දැන් View තුලින් ‍Design View තෝරන්න.



ඉන් පසු Dialogbox1 ඔබේ දත්තවගුවට නමක් ලබාදී OK බොත්තම ඔබන්න.මෙම නම ලබාදීමේදී space තැබීමෙන් වැලකීමට හැකිතාක් උත්සාහගත යුතුය.එමෙන්ම මෙම සලකුණුද නොයොදන්න ' , " , ! , . , [ ] වෙනත් දත්ත කළමණාකරන මෘදුකාංග වලදී (My SQL වැනි www.mysql.com වැඩි විස්තර ලබා ගන්න.) space ඇති ස්ථාන errors ලෙස හදුනාගන්නා බැවින්ය.space තැබීමට අවශ්‍යයමනම් ඒ සදහා "_" ලකුණ භාවිතා කරන්න.

උදා:- student_detail_table


දත්තවගුව සැකසීමට පෙර පහත රූපයේ දැක්වෙන අංග 6 පිලිබද මනා අවබෝදයක් තිබීම ඉතාවැදගත් හෙයින් පළමුව අපි ඒවා ඉගෙනගමු.




  1. Field Name: මෙම තීරුවේ ඔබේ වගුවේ ඇතුලත්විය යුතු කේෂ්ත්‍ර සටහන් කරයි.මෙම නම ලබාදීමේදී space තැබීමෙන් වැලකීමට හැකිතාක් උත්සාහගත යුතුය.එමෙන්ම මෙම සලකුණුද නොයොදන්න ' , " , ! , . , [ ]

    උදා:- සිසුවාගේ නම,වයස,පාසල......
  2. Data Type: මෙම තීරුවේ ඔබේ වගුවේ ඇතුලත්විය යුතු කේෂ්ත්‍ර වලට අදාල වන දත්ත වර්ගය ‍තෝරා දිය යුතුය.උදා:- ඔබ සිසුවාගේ නම යන කේෂ්ත්‍රයට තේරිය යුත්තේ Text/Memo යන්නය.මෙම Data Types ගැන දැන් අපි දීර්ඝව විමසා බලමු.

    • Text- මෙමගින් ඕනෑම වර්ගයකට අයත් අක්ෂර උපරිමය 255 සීමාව යටතේ ඇතුලත් කල හැක.
    • Memo- මෙමගින් ඕනෑම වර්ගයකට අයත් අක්ෂර උපරිමය 64000 සීමාව යටතේ ඇතුලත් කල හැක.එනම් අධික අක්ෂර යොදාගත හැක.
    • Number- සංඛ්‍යාමය දත්ත සදහා භාවිතා වේ.
    • Date/Time- දිනය/වේලාව ආදී දත්ත සදහා භාවිතා වේ.
    • Currency- මුදල් අගයන් නියෝජනය වන දත්ත සදහා භාවිතා වේ.
    • Auto Number- ස්වංක්‍රීය සංඛ්‍යාමය අගයන් සදහා භාවිතා වේ.
    • Yes/No- බූලියානු අගයන් නියෝජනය සදහා භාවිතා වේ.
    • OLE- වෙනත් වර්ගවල කේෂ්ත්‍ර දත්තපදනමට යොදාගැනීම සදහා භාවිතා වේ.

      උදා:- පින්තූර,ග්‍රැ‍ෆික්ස්, MS Word,MS Excel Spreadsheets වැනි මෘදුකාංග ලේඛණ.
     
    • Hyperlink- යම් ලේඛණයක් ඔබේ පරිගනකයේ ඇති ගොනුවක්(File) සමග හෝ අන්තර්ජාලයේ ඇති ගොනුවක්(File) සමග සම්බන්ධ කීරීමට යොදාගනී.
    • Lookup Wizard- මෙමගින් විස්තර කෙරෙන තීරුවේ ඔබ විසින්ම කලින් නිශ්චය කරනලද ඔබ විසින්ම නිර්මාණය කල දත්ත හදුනාගනු ලබයි.
    • Attachment- මෙමගින් 1ක් හෝ ඊට වැඩි දත්ත ඛණ්ඩ ප්‍රමාණයක් ඇතුලත්කිරීමට යොදාගනී.( OLE වැනිය)
      
  3. Description: Field Name තීරුවේ සදහන් කේෂ්ත්‍රය පිලිබද කුඩා විස්තරයක් ලබා දිය හැක.උදා:- සිසුවාගේ නම කේෂ්ත්‍රයකට,කිනම් ආයතනයේ සිසුන්ගේ නම්ද ආදී වශයෙන්....
  4. Field Properties: මෙමගින් ඔබේ වගුවේ කේෂ්ත්‍රයන් සංස්කරණය කරගත හැක.

    උදා:- සිසුන්ගේ නම් ඇතුලත් කේෂ්ත්‍රයට ඇතුලත්කල හැකි අක්ෂර ප්‍රමාණය සීමා කල හැක.මෙය ඉතාමත් වැදගත් කරුණක් වන්නේ අක්ෂර ප්‍රමාණය සීමා නොකිරීමෙන් ඔබේ දත්තපදනම අනවශ්‍යය ලෙස දෘඩතැටියේ ඉඩ අත්කරගන්නා බැවිනි.
  5. General: Field Properties මගින් ඔබේ වගුවේ කේෂ්ත්‍රයන් සංස්කරණය කිරීමට General Tab යොදාගනී.
  6. Primary Key: මෙමගින් ඔබේ වගුව වෙනත් වගු1 හෝ ඊට වැඩි ගණනක් සමග සම්බන්ධ කරයි.Primary Key1 ඔබේ වගුවට යෙදිය යුත්තේ ඔබේ වගුවට පමණක් ආවේණික කේෂ්ත්‍රයකට පමණි.ඔබ සිසුන්ගේ නම් වැනි කේෂ්ත්‍රයකට මෙය නොයෙදිය යුතුය. 

    මක්නිසාදයත් එකම නමින් පුද්ගලයන් දෙදෙනෙක් සිටිය හැකි බැවිනි.
    Primary Key යෙදීමට කිසි විටෙකත් Duplicate නොවන කේෂ්ත්‍රයක් ‍තෝරාගන්න.මෙය නිරායාසයෙන්ම Microsoft Office Access තුල ID නම් Field1යෙදී ඇත.පසුව අපට එය වෙනස්කල හැක.

    උදා:-
    සිසුවාගේ NIC No,Admission No,Entrance No...............


    ඉතිරි කොටසත් ‍රැගෙන අපි ඊලග පාඩමෙන්[Microsoft Office Access 2007 ඉගෙන ගමු.(පාඩම් අංක 02 දත්ත වගු/Tables Design View ආකාරය ii)] නැවත හමුවෙමු!

Microsoft Office Access 2007 Lesson No1(පාඩම් අංක 01හැදින්වීම)

Microsoft Office Access 2007 මේක දත්ත කළමණාකරන වර්ගයේ මෘදුකාංගයක් (DBMS=Data Base Management Software කියලත් කියනවා. )




මෙහි ප්‍රදාන අවයව 7 ක් තිබෙනවා.ඒවා පහත ආකාර වෙනවා


  1. Tables/දත්ත වගු: දත්ත පදනමක (Data Base) සියලුම දත්ත ගබඩා කරන මධ්‍යම ස්ථානය වේ.දත්ත වගු ඔබගේ දත්ත පදනමේ ක්‍රියාකාරීත්වය තීරණය කරයි.හොද සංවිධානයක දත්ත පදනමක විවිධ වගු දැකිය හැකි අතර ඒවා එකිනෙකට වෙනස් අරමුණු සදහා භාවිතා වේ.වගුවක් පේලි(Rows) හා තීරු(Columns) වශයෙන් පිලියෙල වේ.
  2. Forms: මෙය දත්ත පදනමකට දත්ත ඇතුල් කිරීම,වෙනස් කිරීම හා දර්ශනය කිරීමට යොදා ගනී.
  3. Queries: වගුවක විශාලත්වය එහි අන්තර්ගත තොරතුරු ප්‍රමාණය මත තීරණය වන අතර විටෙක මේ තොරතුරු වැඩිදුර සංවිධානයට නැවත ලබාගත යුතුය.මේ සදහා Query/Queries භාවිතා වේ.මෙමගින් වගුවතුල ඇති දත්ත විමර්ශණය,විශ්ලේෂණය හා කළමණාකරනය කරයි.
  4. Reports: ඔබ ඉල්ලන ආකාරයෙන් මනාව සංවිධානය කරන ලද වාර්තාවක් ලබා දේ.විවිධ Tables,Forms,Queries ගණනය කිරීම් තුලින් ලබාගත් තොරතුරුද මෙහි ඇතුලත් කල හැක.
  5. Pages: නිර්මාණයකරන ලද Forms වේබ් පි‍ටු හෝ අන්තර්ජාල සබදතාවක් මගින් ප්‍රකාශයට පත්කිරීම මෙමගින් සිදුවේ.
  6. Macros: Microsoft Office Access භාවිතයේදී එහි හැසිරීම පාලනය මෙමගින් සිදුවේ.ඔබට කිසියම් Formක් විවර කිරීමට සිදුවන්නේ තවත් එවැනිම Formක් හරහා නම් එවැනි අවස්ථා සදහා මෙය යොදාගතහැක.
  7. Modules: Microsoft Visual Basic මගින් ලියන ලද කේත සමූහයකි.මේවා ඉතා නම්‍යශීලී බැවින් සුලුවෙනසකින් පමණක් ඔබේ යෙදවුමට (Application) යොදාගත හැක.

හොදයි දැන් අපි බලමු නව දත්ත පදනමක්/Data Base ආරම්භ කරන ආකාරය.පලමුව Microsoft Office Access විවර කරගමු,


Start-All Programs-Microsoft Office-Microsoft Office Access 2007




දැන් ‍Blank Data Base තෝරන්න.

 

දැන් File Name තැනට දත්තපදනම සදහා සුදුසු නමක් ලබාදී එය Save කිරීමට අවශ්‍යය ස්ථානයද ‍තෝරාදී Create බොත්තම ඔබන්න.




දැන් අපි දත්ත පදනම ගොඩනගලා ඉවරයි.ඊලග පාඩමෙන් අපි බලමු දත්තවගු යොදාගෙන දත්ත පදනම තවදුරටත් නිර්මාණය කරන හැටි.









Windows Shortcut Keys සියල්ල

Windows Shortcut Keys සියල්ල

(..මෙහි PDF File1 මෙතනින් download කරගත හැක..)


ALT + - (ALT+hyphen) -Displays the Multiple Document Interface (MDI) child window's System menu

ALT+ENTER - View properties for the selected item

ALT+ESC - Cycle through items in the order they were opened

ALT+F4 - Close the active item, or quit the active program

ALT+SPACEBAR - Display the System menu for the active window

ALT+TAB - Switch between open items

ALT+Underlined letter - Display the corresponding menu

BACKSPACE - View the folder one level up in My Computer or Windows Explorer
CTRL+A - Select all

CTRL+B – Bold

CTRL+C – Copy

CTRL+I – Italics

CTRL+O - Open an item

CTRL+U – Underline

CTRL+V – Paste

CTRL+X – Cut

CTRL+Z – Undo

CTRL+F4 - Close the active document

CTRL while dragging - Copy selected item

CTRL+SHIFT while dragging - Create shortcut to selected item

CTRL+RIGHT ARROW - Move the insertion point to the beginning of the next word

CTRL+LEFT ARROW - Move the insertion point to the beginning of the previous word

CTRL+DOWN ARROW - Move the insertion point to the beginning of the next paragraph

CTRL+UP ARROW - Move the insertion point to the beginning of the previous paragraph

SHIFT+DELETE - Delete selected item permanently without placing the item in the Recycle Bin

ESC - Cancel the current task

F1 - Displays Help

F2 - Rename selected item

F3 - Search for a file or folder

F4 - Display the Address bar list in My Computer or Windows Explorer

F5 - Refresh the active window

F6 - Cycle through screen elements in a window or on the desktop

F10 - Activate the menu bar in the active program

SHIFT+F10 - Display the shortcut menu for the selected item

CTRL+ESC - Display the Start menu

SHIFT+CTRL+ESC - Launches Task Manager

SHIFT when you insert a CD - Prevent the CD from automatically playing

WIN - Display or hide the Start menu

WIN+BREAK - Display the System Properties dialog box

WIN+D - Minimizes all Windows and shows the Desktop

WIN+E - Open Windows Explorer

WIN+F - Search for a file or folder

WIN+F+CTRL - Search for computers

WIN+L - Locks the desktop

WIN+M - Minimize or restore all windows

WIN+R - Open the Run dialog box

WIN+TAB - Switch between open items

Windows Explorer Shortcuts

ALT+SPACEBAR - Display the current window€™s system menu

SHIFT+F10 - Display the item's context menu

CTRL+ESC - Display the Start menu

ALT+TAB - Switch to the window you last used

ALT+F4 - Close the current window or quit

CTRL+A - Select all items

CTRL+X - Cut selected item(s)

CTRL+C - Copy selected item(s)

CTRL+V - Paste item(s)

CTRL+Z - Undo last action
CTRL+(+) - Automatically resize the columns in the right hand pane

TAB - Move forward through options

ALT+RIGHT ARROW - Move forward to a previous view

ALT+LEFT ARROW - Move backward to a previous view

SHIFT+DELETE - Delete an item immediately

BACKSPACE - View the folder one level up

ALT+ENTER - View an item’s properties

F10 - Activate the menu bar in programs

F6 - Switch between left and right panes

F5 - Refresh window contents

F3 - Display Find application

F2 - Rename selected item

Internet Explorer Shortcuts

CTRL+A - Select all items on the current page

CTRL+D - Add the current page to your Favorites

CTRL+E - Open the Search bar

CTRL+F - Find on this page

CTRL+H - Open the History bar

CTRL+I - Open the Favorites bar

CTRL+N - Open a new window

CTRL+O - Go to a new location

CTRL+P - Print the current page or active frame

CTRL+S - Save the current page

CTRL+W - Close current browser window

CTRL+ENTER - Adds the http://www. (url) .com

SHIFT+CLICK - Open link in new window

BACKSPACE - Go to the previous page

ALT+HOME - Go to your Home page

HOME - Move to the beginning of a document

TAB - Move forward through items on a page

END - Move to the end of a document

ESC - Stop downloading a page

F11 - Toggle full-screen view

F5 - Refresh the current page

F4 - Display list of typed addresses

F6 - Change Address bar and page focus

ALT+RIGHT ARROW - Go to the next page

SHIFT+CTRL+TAB - Move back between frames

SHIFT+F10 - Display a shortcut menu for a link

SHIFT+TAB - Move back through the items on a page

CTRL+TAB - Move forward between frames

CTRL+C - Copy selected items to the clipboard

CTRL+V - Insert contents of the clipboard

ENTER - Activate a selected link

HOME - Move to the beginning of a document

END - Move to the end of a document

F1 - Display Internet Explorer Help

How to remove Startup Programs

අද අපි බලමු ඔබේ පරිගනකයේ Startup හි ඇති වැඩසටහන් ඉවත් කරගන්නා ආකාරය.


මෙසේ කලයුත්තේ ඇයි?

Startup වැඩසටහන් යනු ඔබේ පරිගනකයේ Desktop1ලෝඩ් වනවාත් සමගම පරිගනකය ආරම්භයේදී ක්‍රියාත්මකවන වැඩසටහන්ය.මෙහි අනවශ්‍යය ලෙස ආරම්භක වැඩසටහන් වැඩිවීමෙන් පරිගනකය ආරම්භවීම ප්‍රමාද වේ.එමනිසා මේසදහා අත්‍යවශ්‍යය වැඩසටහන් පමණක් සක්‍රීය කර තැබීම උචිතය.

පියවර 01:-


යතුරුපුවරුවේ Windows Key + R ඔබන්න.


පියවර 02:-

දැන් Open නම් ස්ථානයේ msconfig යනුවෙන් Type කර Enter බොත්තම ඔබන්න.


පියවර 03:-

දැන් ලැබෙන වින්ඩෝවෙන් Startup Tab1‍තෝරන්න.


පියවර 04:-
 

දැන් ඔබට අනවශ්‍යය වැඩසටහන් ඉවත් කිරීමට අදාල වැඩසටහන ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත්කර පිළිවෙලින් Apply හා OK බොත්තම් ඔබන්න.මෙහිදී ඔබගේ පරිගනකය restart කිරීමට විමසන අතර restart ලබාදී restart වූ පසු පහත රූපයේ ආකාරයේ dialog box1ක් දිස්වේ.එහි හිස් කො‍ටුවට හරි ලකුණ යොදා OK බොත්තම් ඔබන්න.

 

Ultra Video Spliter මෘදුකාංගය


 Ultra Video Spliter


 මේ මෘදුකාංගයෙන් Formats ගණනාවකටම Video files convert කරන්න පුලුවන්.Marked area convert,video audio quality control හා avi divX,avi Xvid,asf,flv........වැනි ජනප්‍රිය fromats රාශියකට convert
කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයේ අන්තර්ගතයි.අනෙක් මෘදුකාංග සමග සසදනවිට ඉතාමත් අඩු ඉඩක ‍රැදවිය හැකිවීම,හැසිරවීමට ඇති පහසුව විශේෂයි.මේ මෘදුකාංගය මෙන්න මෙතනින් බාගන්න.මෙහි setup file19.78MB පමණයි.මීට අදාල serial key1ක මෙතනින් ලබාගන්න.

9/07/2012

How install Ubuntu 12.04 alongside Win7

අද අපි බලමු Windows 7 තියෙන පීසී1ට Ubuntu 12.04 manual partition1ක් හදලා දාන්නේ කොහොමද කියලා!



මුලින්ම අපි මෙහෙයුම් පද්ධතිය දාන්න දෘඩතැටියෙන් යම් ඉඩක් වෙන්කරගන්න ඕනි.මේ සදහා 40-100 GB අතර අගයක් ලබා දෙන්න.වැඩි ඉඩක් ලබාදෙන තරමට මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කරන්නත් පහසුයි.

  • දැන් My computer මත Right click කරලා Manage තෝරන්න.
  • දැන් Disk Management තෝරන්න.
  • දැන් පහත රූපයේ ආකාරයට Windows දාලා නැති partition1ක් ‍තෝරගන්න (D,I,J,E......ආදී වශයෙන්).මෙහිදී අප විසින් new partition1ක් හදනා බැවින් අදාල partition1කේ ඇති දත්ත වෙත් partition1ට Backup කරගන්න



  • හොදයි දැන් අපි හිතමු ඔබ ‍තෝරාගත් partition1ක E කියා.එහෙනම් ඒ මත Right click කර Delete Volume ‍තෝරන්න.
    සැ.යු:මෙහිදී අප ලබා දීමට අදහස්කරන ඉඩ ප්‍රමාණය (
    40-100 GB) ලබා දිය හැකි partition1ක් ‍තෝරාගැනීමට සැලකිළිමත් වන්න.ඔබේ පරිගනකයේ Free space හෝ Unallocated space තිබේනම් මේ ආකාරයට සිදුකිරීමට අවශ්‍යය නැත.කෙසේවෙතත් ඒ පිළිබද දීර්ඝව සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි.
  • දැන් ලැබෙන පනිවිඩයට Yes ලබා දෙන්න.
  • දැන් නැවතත් එම partition1ක උඩ Right click කර New simple volume තෝරන්න.
  • දැන් Next බොත්තම ඔබන්න.
  • දැන් ලබා දීමට අදහස්කරන ඉඩ ප්‍රමාණය ලබාදී Next බොත්තම ඔබන්න.
  • දැන් මෙම partition1ට ඔබ කැමති drive letter1ක් ලබාදී Next බොත්තම ඔබන්න.
  • මෙම වින්ඩෝවේදී File system සදහා NTFS තෝරාදී preform a quick format select කර Next බොත්තම ඔබන්න.
  • දැන් Finish බොත්තම ඔබන්න.
හොදයි දැන් අපි දෘඩතැටියේ ඉඩ වෙන්කරගෙන ඉවරයි.දැන් අපිට Ubuntu මෙහෙයුම් පද්ධතිය අවශ්‍යය වෙනවා.ඒක මෙතනින් ලබාගන්න.Ubuntu මෙහෙයුම් පද්ධතිය download කරගත්තාට පස්සේ ඒ සීඩී1ට බර්න් කරගන්න.ඒ විදියට අපට Ubuntu bootable CD1ක් හදාගන්න පුලුවන්.








මේ විධියට හදාගත්තු
bootable CD1ක CD ROM1ට දාලා පීසී1ට දාලා Restart කරන්න.BIOS Boot order හි 1st boot device1ක ලෙස CD ROM තෝරගන්න අමතක කරන්න එපා.දැන් ඔබට පහත රූපය ලැබී ඇති.



  • දැන් Install Ubuntu තෝරන්න.
  • පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා Continue බොත්තම ඔබන්න.


  • පහත රූපයේ 3වන තේරුම තෝරා Continue බොත්තම ඔබන්න.

  • දැන් අපි කලින් හදාගත්තු partition1 free space1ක් විදියට පෙන්වනවා නේද (.............MB වගේ ප්‍රමාණයකින්) ?අන්න ඒක තෝරලා Add කියන බොත්තම ඔබන්න.

 
  • දැන් අපි /boot 1ක හදාගන්න ඕන.මේ සදහා 500MB ඉඩක් දෘඩතැටියෙන් වෙන්කරගන්න ඕනි.පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • හරි දැන් ඔබට 500MB ඉඩක් /boot ලැබී ඇති.දැන් නැවත free space මත click කරලා Add කියන බොත්තම ඔබන්න.මෙවර අපි swap area සදහා ඔබේ RAM මතකය මෙන් දෙගුණයක ඉඩක් දෘඩතැටියෙන් වෙන්කරගන්න ඕනි.දැන් පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • දැන් ඔබට RAM මතකය මෙන් දෙගුණයක ඉඩක් swap ලැබී ඇති.දැන් නැවත free space මත click කරලා Add කියන බොත්තම ඔබන්න.මෙවර අපි root partition1සදහා ඉඩ දෘඩතැටියෙන් වෙන්කරගන්න ඕනි.මේ සදහා සම්මත අගය 4 GB වුවත් මීට වැඩි අගයක් ලබා දෙන්න (10-15 GB වගේ).පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • හරි දැන් ඔබට 4GB වැඩි ඉඩක් / ලැබී ඇති.අවසාන වශයෙන් /home ට දෘඩතැටියෙන් ඉඩ වෙන්කරගන්න ඕනි.මේ සදහා දැනට ඉතිරිවී ඇති සියලුම ඉඩ ලබාදෙන්න.දැන් නැවත free space මත click කරලා Add කියන බොත්තම ඔබන්න.පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • හරි දැන් අපි මුලින්ම හදාගත් partition1ක Ubuntu 12.04 මෙහෙයුම් පද්ධතියට අවශ්‍යය විධිහට ඉඩ වෙන්කිරීම් සිදුකර ඉවරයි.
  • ඊලගට device for boot loader installation කියන තැනට අපි කලින් හදාගත් /boot partition1ක තෝරා දෙන්න.ඊටපස්සේ Install Now බොත්තම ඔබන්න.
 

  • ඔබට Win7හි User Accounts Ubuntu 12.04 වලට Import කිරීමට අවශ්‍යය නම් මෙය ඉදිරියේ හරි ලකුණයොදා Continue බොත්තම ඔබන්න.



  • ඔබේ රට තෝරාදී Continue බොත්තම ඔබන්න.









  • ඔබට අදාල Keyboard Layout1 තෝරාදී Continue බොත්තම ඔබන්න.



  • User Name,Password,computer name ඔබේ පරිගනකයට ලබාදී Continue බොත්තම ඔබන්න.
  • අවසානයේ ඔබේ පරිගනකය Restart කිරීමට විමසනවිට Restart now බොත්තම ඔබන්න.
  • දැන් ඔබට පරිගනකය reboot වී Win7 ලැබෙනු ඇත.දැන් මෙම සබැදියෙන් EasyBCD මෘදුකාංගය බාගන්න (1.4MB).මෙම මෘදුකාංගය ස්ථාපනය කර විවෘත කරගන්න.



  • දැන් Add New Entry තෝරන්න.
  • දැන් Operation System තුලින් Linux/BSD තෝරා සියලු සැකසුම් පහත රූපයේ ආකාරයට සකසා(Name සදහා Linux Ubuntu 12.04 ලෙස ලබා දෙන්න) Add Entry බොත්තම ඔබන්න.



  • අවසානයේ පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Save Settings බොත්තම ඔබා ඔබේ පරිගනකය Restart කරන්න.


මේ ආකාරයට අපට Ubuntu 12.04 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්න පුලුවන්.නැවත පාඩමකින් හමුවනතුරු ඔබ සැමට ආයුබෝවන්!අපේ මුහුණු පොත් පිටුවට Like1,comment1ක් මේ අඩවිය comment1ක්,follow පාරක් දාන්නත් අමතකකරන්න එපා!