9/30/2012

Microsoft Office Access 2007 Lesson No1(පාඩම් අංක 01හැදින්වීම)

Microsoft Office Access 2007 මේක දත්ත කළමණාකරන වර්ගයේ මෘදුකාංගයක් (DBMS=Data Base Management Software කියලත් කියනවා. )




මෙහි ප්‍රදාන අවයව 7 ක් තිබෙනවා.ඒවා පහත ආකාර වෙනවා


  1. Tables/දත්ත වගු: දත්ත පදනමක (Data Base) සියලුම දත්ත ගබඩා කරන මධ්‍යම ස්ථානය වේ.දත්ත වගු ඔබගේ දත්ත පදනමේ ක්‍රියාකාරීත්වය තීරණය කරයි.හොද සංවිධානයක දත්ත පදනමක විවිධ වගු දැකිය හැකි අතර ඒවා එකිනෙකට වෙනස් අරමුණු සදහා භාවිතා වේ.වගුවක් පේලි(Rows) හා තීරු(Columns) වශයෙන් පිලියෙල වේ.
  2. Forms: මෙය දත්ත පදනමකට දත්ත ඇතුල් කිරීම,වෙනස් කිරීම හා දර්ශනය කිරීමට යොදා ගනී.
  3. Queries: වගුවක විශාලත්වය එහි අන්තර්ගත තොරතුරු ප්‍රමාණය මත තීරණය වන අතර විටෙක මේ තොරතුරු වැඩිදුර සංවිධානයට නැවත ලබාගත යුතුය.මේ සදහා Query/Queries භාවිතා වේ.මෙමගින් වගුවතුල ඇති දත්ත විමර්ශණය,විශ්ලේෂණය හා කළමණාකරනය කරයි.
  4. Reports: ඔබ ඉල්ලන ආකාරයෙන් මනාව සංවිධානය කරන ලද වාර්තාවක් ලබා දේ.විවිධ Tables,Forms,Queries ගණනය කිරීම් තුලින් ලබාගත් තොරතුරුද මෙහි ඇතුලත් කල හැක.
  5. Pages: නිර්මාණයකරන ලද Forms වේබ් පි‍ටු හෝ අන්තර්ජාල සබදතාවක් මගින් ප්‍රකාශයට පත්කිරීම මෙමගින් සිදුවේ.
  6. Macros: Microsoft Office Access භාවිතයේදී එහි හැසිරීම පාලනය මෙමගින් සිදුවේ.ඔබට කිසියම් Formක් විවර කිරීමට සිදුවන්නේ තවත් එවැනිම Formක් හරහා නම් එවැනි අවස්ථා සදහා මෙය යොදාගතහැක.
  7. Modules: Microsoft Visual Basic මගින් ලියන ලද කේත සමූහයකි.මේවා ඉතා නම්‍යශීලී බැවින් සුලුවෙනසකින් පමණක් ඔබේ යෙදවුමට (Application) යොදාගත හැක.

හොදයි දැන් අපි බලමු නව දත්ත පදනමක්/Data Base ආරම්භ කරන ආකාරය.පලමුව Microsoft Office Access විවර කරගමු,


Start-All Programs-Microsoft Office-Microsoft Office Access 2007




දැන් ‍Blank Data Base තෝරන්න.

 

දැන් File Name තැනට දත්තපදනම සදහා සුදුසු නමක් ලබාදී එය Save කිරීමට අවශ්‍යය ස්ථානයද ‍තෝරාදී Create බොත්තම ඔබන්න.




දැන් අපි දත්ත පදනම ගොඩනගලා ඉවරයි.ඊලග පාඩමෙන් අපි බලමු දත්තවගු යොදාගෙන දත්ත පදනම තවදුරටත් නිර්මාණය කරන හැටි.









2 comments: