9/30/2012

How to remove Startup Programs

අද අපි බලමු ඔබේ පරිගනකයේ Startup හි ඇති වැඩසටහන් ඉවත් කරගන්නා ආකාරය.


මෙසේ කලයුත්තේ ඇයි?

Startup වැඩසටහන් යනු ඔබේ පරිගනකයේ Desktop1ලෝඩ් වනවාත් සමගම පරිගනකය ආරම්භයේදී ක්‍රියාත්මකවන වැඩසටහන්ය.මෙහි අනවශ්‍යය ලෙස ආරම්භක වැඩසටහන් වැඩිවීමෙන් පරිගනකය ආරම්භවීම ප්‍රමාද වේ.එමනිසා මේසදහා අත්‍යවශ්‍යය වැඩසටහන් පමණක් සක්‍රීය කර තැබීම උචිතය.

පියවර 01:-


යතුරුපුවරුවේ Windows Key + R ඔබන්න.


පියවර 02:-

දැන් Open නම් ස්ථානයේ msconfig යනුවෙන් Type කර Enter බොත්තම ඔබන්න.


පියවර 03:-

දැන් ලැබෙන වින්ඩෝවෙන් Startup Tab1‍තෝරන්න.


පියවර 04:-
 

දැන් ඔබට අනවශ්‍යය වැඩසටහන් ඉවත් කිරීමට අදාල වැඩසටහන ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත්කර පිළිවෙලින් Apply හා OK බොත්තම් ඔබන්න.මෙහිදී ඔබගේ පරිගනකය restart කිරීමට විමසන අතර restart ලබාදී restart වූ පසු පහත රූපයේ ආකාරයේ dialog box1ක් දිස්වේ.එහි හිස් කො‍ටුවට හරි ලකුණ යොදා OK බොත්තම් ඔබන්න.

 

0 comments:

Post a Comment