12/21/2012

How to share your internet connection with your phone via WiFi

හොදයි අද අපි බලමු වයිෆයි හරහා ඔබේ ඉන්ටර්නෙට් සබදතාව ජංගම දුරකතනය සමග ශේයා කරන විදිය.


මේ‍කෙන් වෙන්නේ තාවකාලිකව අපේ පීසී1ක WiFi Router1ක් කරන1ක.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම මේ මෘදුකාංගය මෙතනින් බා ගෙන ස්ථාපනය කරගන්න.මේක Win7/Win 2008 R2 වලට සහයෝගය දක්වනවා.දැන් virtual router මෘදුකාංගය විවෘත කරන් පහත ආකාරයට සැකසුම් සිදුකරන්න.
 




























ඔය Shared Connection කියන තැනට ඔබේ පරිගනකයේ අන්තර්ජාල සබදතාව තෝරා දෙන්න.ඩොන්ගල් 1ක් වගේ භාවිතාකරනවානම් Huawei 3g modem broadband internet connection ද ADSL භාවිතාකරනවානම් local area connection වගේ නමක් තමා වැටෙන්නේ කොහොම හරි තමාන්ට අදාල1 තෝරා දෙන්න.දැන් ලැප්1ක් නම් Fn key+wireless radio switch1 button1ක ඔබලා WiFi on කරගන්න desktop pc1ක් නම් ඊට අදාල ආකාරයට WiFi on කරගන්න.හරි දැන් start virtual router button1 press කරන්න.ඊලගට තමන්ගේ ෆෝන්1කේ WiFi on කරලා network search කරලා බලන්න.ඉහත දීපු SSID1කේ නමින් network1ක් ඇති.දැන් ඒ  network1ට connect වෙන්න එවිට මුරපදයක් විමසන අතර එයට ඉහත ලබාදුන් මුරපදයම ලබා දෙන්න.මෙහෙදී DHCP ක්‍රමය භාවිතා වන හෙයින් IP,SUBNET MASK යෙදීම අනවශ්‍යය වේ.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ!!!!!!!

සැ.යු-

මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පහත අවශ්‍යයතා සැපිරිය යුතුයි!

1)ඔබේ පරිගනකය සාර්ථකව අන්තර්ජාලයට සම්බන්ධවී සිටිය යුතුයි.
2)පරිගනකයේ හා ජංගම දුරකතනයේ WiFi on කර සිටිය යුතුයි.
3)පරිගනකයත් ජංගම දුරකතනයත් අතර හැකිතාක් අවම දුරක් තබා ගැනීමට උත්සාහ කරන්න.



10/27/2012

How to reset a password of cisco Router

හොදයි අද අපි බලමු Cisco Router1ක password1ක reset කරන විදිය.සාමාන්‍යයෙන් අපිට Router1ට password3ක් දාන්න පුලුවන්.ඒවානම් line consol,line vty/telnet,privilege mode වේ.දැන් අපි හිතමු මේ මොඩ් 3නේම හෝ line console,line vty/telnet වගේ 1ක password අමතකයි කියා.එහෙනම් මෙන්න මේ විදියට කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්.

මේ දේවල් කරන්න නම් Cisco Router configuration ැන වම networking ගැනත් යම් දැනමක් තයෙනකෙනෙක් වෙන්න වෙනවා හෙනැතිවෝස්ට්1න් උදව්වක් ගන්න අමාරුවෙයි!!!!!

  • Router1ට Rollover Cable1කින් console connection1හරහා සම්බන්ද වන්න




Rollover Cable1ක්











           Router1හි console port1ක







 





      පරිගනකයේ COM/DB9 Portක

 දැන් ේ 3ම එකනෙකට ම්බන්ද කරගන්න ඕන ඒක කරනිදිය දන්නැත්නම් මෙන්න මෙතනින්ලාගන්න.

  • දැන් අදාල වැඩසටහන හරහා පහත ආකාරයට සැකසුම් සකසා Cisco CLI1ක ව්වෘත කරගන්න.
 
ේ සදහා අපට Hyper Terminal,puttytel Hyper Terminal Private Edition  ැනි වැඩසටහනක් අවශ්‍යය වෙනවා ව්න් එක්ස් පී (Win XP) වල Hyper Terminal වැඩසටහන තයෙන නිසා අමුතුවෙන් වැඩසටහන් න නෑ.ඒ අ Start > All Programs > Accessories > Communications > Hyper Terminal විවර කරගන්න පුලුවන්.ව්න් 7 පාවිච්චි කරන අයට Hyper Terminal Private Edition puttytel බාගන්න වෙනවා.

හරි දැන් මං දීලා තයෙන සැකම් පහත රූපවලට දක්වෙන අදාල ස්ථානවලට තුලත් කරන්න.

  • 9600 baud rate
  • No parity
  • 8 data bits
  • 1 stop bit
  • No flow control
     Hyper Terminal සදහා මෙහෙම කරලා ොත්තමබන්න.



















 puttytel සදහා මෙහෙම කරලා පන් ොත්තමබන්න.



















  •  දැන් Router1 boot වන අතරේ ctrl + pause/break බොත්තම් ඔබලා rommon mode1ට යන්න.





  •  දැන් rommon mode සිට confreg 0x2142 ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  •  දැන් reset ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  •  දැන් නැරවුටර්1ක රීස්ටට් වෙලා ආවාට පසු කියා en ටයිප්කර enter key1ක ඔබා privilege mode1ට ඇතුල්වන්න.
  • දැන් sh run  ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.මෙහිදී අදාල මුරපද encrypt කරනැත්නම් සියල්ල බලාගන්න පුලුවන්.ඒවා encrypt කරලානම්!
  • privilege mode දී copy startup-config running-config ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  • දැන් අදාල ඩ් 3ේම ුරපද ැවත පහිටුවන්න (මේවාට අදාල පියවර networking හි Cisco router configuration හි පියවර බැව්න් ඒවා මෙතනදී සාකච්චා නොකෙරේ.මක්නිසාද යත් මෙය password reset කිරීම සම්බන්ධ පෝස්ට්1ක් පමණක් බැවිනි.)
  • දැන් privilege mode දී conf t ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  • දැන් global configuration mode දීදී config-register 0x2102 ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  • අන්තිමට ctrl + z ඔබලා privilege mode1 දී  copy running-config startup-config ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  • දැන් reload ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
  • දැන් ඔබට ලු මුරපද රසෙට්කරලද රවුටරයක් ලැබී ඇති.

 
සැ.යු- මේ ක්‍රමය මා විසින් Cisco 1800,Cisco 3600 රවුටර සදහා ප්‍රායෝගිකව අත්හදාබලා අතිසාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත තවද Cisco  අඩවිය මගින් මෙම ක්‍රමය Cisco 2600/2800 මාදිලි වලටද නිර්දේෂ කරඇත.

 

10/22/2012

How to use Tor browser

අද අපි බලමු Tor කියන්නේ මොකද්ද සහ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියා???


Onion routing කියන ක්‍රමය යොදාගෙන නිර්නාමිකව අන්තර්ජාලයේ ඔබට සැරිසරන්න අවස්ථාව දෙන web browser1ක් තමා මේක.මේකෙන් පුලුවන් Firewalls,Proxy Servers වැනි දේවල් මගහැර යන්න.ඔය හුගාක් කාර්යාල වල වැඩකරන අය දන්නවා ඒ  අයට අදාල ආයතනයෙන් අවසරදී තිබෙන අඩවි වලට විතරයි යන්න පුලුවන් ෆේස්බුක් වැනි අඩවි වලට යන්න බෑ.ටිකක් දන්න කියන අය ඒ වෙලාවට proxy bypass sites වලට ගිහින් උදව්වක් ගන්න බලනවා.....නමුත් Firewalls තියෙන පරිසරයක මේවායින් උදව් ගන්න අමාරුයි.Keywords සහ වෙනත් ක්‍රම වලින් ඇඩ්මින් විසින් proxy bypass sites ලේසියෙන්ම බ්ලොක් කරන්න පුලුවන්.ඒ වෙලාවට මේක උත්සාහ කරල බලන1ක වටිනවා !


මේක පෝටබල් ඇප් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍යය නැත.බ්‍රවුසර්1ක ඕපන් වෙන්න ටිකක් වෙලා යනවා ඉවසන් ඉන්න.දැන් බලන්න ඔබට කලින් යන්න බැරි සයිට් වලට යන්න  පුලුවන්ද කියා!
සැ.යු-
දක්ෂ ඇඩ්මින්වරැ විසින්  Firewallහි තියෙන application filter වැනි සැකසුම් වලින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මකවීම වැළැක්විය හැක.ඒක නිසා මේක හරිගියේ නැත්නම් මට බනින්න එපා හොදේ තවද තහනම් දේට අනවසරයෙන් ඇතුලුවීමද අදාල ආයතනයේ නීතී වලට පටහැන බැවින් ඒවායින් සිදුවන කරදරවලට කිසිදු වගකීමක්  මා විසින් ගනු නොලැබේ!

10/19/2012

How to add Sinhala subtitles to an English film

අද අපි බලමු චිත්‍රපටයකට සිංහල උප සිරැසි යොදන්නේ කොහොමද කියා.

  1. මුලින්ම අපි උප සිරැසි යොදන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක් හොයාගන්න ඕන.මේකනම් ටොරන්ට් අඩව්යකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන තැනකින් අරගන්න.
  2. දැන් අදාල චිත්‍රපට පිටපතට හරියන ඉංග්‍රීසි උප සිරැසි සටහන ඩවුන්ලෝඩ් කරගන්න ඕන.

    ඒ සදහා මෙන්න මේ අඩවි භාවිතා කරන්න පුලුවන්.

    අඩවි අංක1
    අඩවි අංක2
    අඩවි අංක3
    අඩවි අංක4
    අඩවි අංක5

    තව ඕනතරම් තියෙනවා ගූගල් කරලා බලන්න................... !
  3. දැන් ඩවුන්ලෝඩ් කරගත් උප සිරැසි සටහන තියෙන්නේ .zip file1ක් විදියටනම් ඒක extract කරගෙන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක  තියෙන folder1ටම කොපි පේස්ට් කරගන්න.ඒ වගේම චිත්‍රපටි පිටපතේ නමම උප සිරැසි සටහනටත් යොදන්න අමතක කරන්න එපා.
  4. හරි දැන් තියෙන්නේ අදාල උප සිරැසි සටහන (.srt file1ක) මත right click කරලා open with notepad තෝරන්න.


  5. දැන් ඔබටත් ඉහත රූපයේ ආකාර සටහනක් ලැබී ඇති.දැන් තියෙන්නේ අදාල ඉංග්‍රීසි දෙබස් තියෙන තැන් වලට සිංහල දෙබස් යෙදීම පමණයි.ඒසේ යොදද්දී සිංහල යුනිකෝඩ් අකුරු යොදා ගන්න.මේ විදියට මුලු චිත්‍රපටයටම දෙබස් යොදා අවසන් වූ පසු  File තුලින් Save as තෝරා file name වෙනස් නොකර path1ට මෙම උප සිරැසි සටහන ඇති තැනම තෝරාදීලා පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා save බොත්තම ඔබන්න.





ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.හරි ලේසියි.දැන් අපේ අවසාන නිර්මාණය මෙන්න මේ ආකාරයට දිස් වේවි.




10/06/2012

Team Viewer and Team Viewer QS

හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා.

  • Team Viewer 


මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්.

උදා-ගාල්ලේ ඔබේ මිතුරෙකු සිටී  යැයි සිතන්න.නමුත් ඔහු   MS Office install කිරීමට නොදනී.කොළඔ සිටින ඔබට මෙම මෘදුකාංගය භාවිතා කරලා කොළඔ සිට ඔහුගේ පරිගනකයට MS Office installකර දෙන්න පුලුවන්.

මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.මේක සාමාන්‍යය විදියට Install කරන්න තියෙන්නේ නමුත් එහෙම කරද්දී අහනවා මෙය යොදාගන්නේ commercial or non commercial ද කියා.commercial සංස්කරණයට මුදල් ගෙවිය යුතු අතර non commercial නොමිලයේ භාවිතා කල හැක.මේක Install කල පසු ඉහත රූපයේ ආකාරයට ID සහ Password යනුවෙන් කේත2ක් පෙන්නාවි.ඔබට උදව් ලබාගැනීමට අවශ්‍යයනම් මෙම කේත2 අනෙකාට ලබාදීමෙන්ද ඔබට උදව් කිරීමට අවශ්‍යයනම් අනෙකාගේ කේත2 ඔබ ලබාගැනීමෙන්ද connect to partner button1 එබීමෙන්ද මෙම සේවාව අත්විදිය හැක.


  •  Team Viewer QS




මේක ගැන කියන්න වැඩ් දෙයක් නෑ ඉහත ව්ස්තරයම තමා.නමුත් මේක client software ක් එම නිසා මේකෙන් Team Viewer හරහා උදව් ලබාගැනීම විතරයි කරන්න පුලුවන් උදව් ලබාදෙන්න බෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

  •  Team Viewer Host




මේක යොදාගෙන අපිට server base maintenance වලට යොමුයෙවන්න පුලුවන්.මෙහිදී අපට අවශ්‍යය පරිගනක remote server1කට දාගෙන remotely control කරන්න පුලුවන්.එවිට මෙම වැඩසටහන start-up service1ක් විදිහට පරිගනකයේ ක්‍රියාකරනවා අනෙක් කෙනාගේ User ID සහ Password අහලා connect to partner button1 press කරනකම් ඉන්න අවශ්‍යය නෑ.client පරිගනකයට Team Viewer install කරන අවස්ථාවේදීම passwordක් ලබා දියහැකි අතර එවිට ලැබෙන user IDද එම පරිගනකයට ආවේනිකවේ.මේ ආකාරයට client පරිගනක සියල්ලේ user ID හා password ලැයිස්තුවක් තබා ගැනීමෙන් ඕනෑම මොහොතක අදාල
client පරිගනක හා ක්ෂණිකව සම්බන්ද විය හැක.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.