10/06/2012

Team Viewer and Team Viewer QS

හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා.

  • Team Viewer 


මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්.

උදා-ගාල්ලේ ඔබේ මිතුරෙකු සිටී  යැයි සිතන්න.නමුත් ඔහු   MS Office install කිරීමට නොදනී.කොළඔ සිටින ඔබට මෙම මෘදුකාංගය භාවිතා කරලා කොළඔ සිට ඔහුගේ පරිගනකයට MS Office installකර දෙන්න පුලුවන්.

මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.මේක සාමාන්‍යය විදියට Install කරන්න තියෙන්නේ නමුත් එහෙම කරද්දී අහනවා මෙය යොදාගන්නේ commercial or non commercial ද කියා.commercial සංස්කරණයට මුදල් ගෙවිය යුතු අතර non commercial නොමිලයේ භාවිතා කල හැක.මේක Install කල පසු ඉහත රූපයේ ආකාරයට ID සහ Password යනුවෙන් කේත2ක් පෙන්නාවි.ඔබට උදව් ලබාගැනීමට අවශ්‍යයනම් මෙම කේත2 අනෙකාට ලබාදීමෙන්ද ඔබට උදව් කිරීමට අවශ්‍යයනම් අනෙකාගේ කේත2 ඔබ ලබාගැනීමෙන්ද connect to partner button1 එබීමෙන්ද මෙම සේවාව අත්විදිය හැක.


  •  Team Viewer QS




මේක ගැන කියන්න වැඩ් දෙයක් නෑ ඉහත ව්ස්තරයම තමා.නමුත් මේක client software ක් එම නිසා මේකෙන් Team Viewer හරහා උදව් ලබාගැනීම විතරයි කරන්න පුලුවන් උදව් ලබාදෙන්න බෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

  •  Team Viewer Host




මේක යොදාගෙන අපිට server base maintenance වලට යොමුයෙවන්න පුලුවන්.මෙහිදී අපට අවශ්‍යය පරිගනක remote server1කට දාගෙන remotely control කරන්න පුලුවන්.එවිට මෙම වැඩසටහන start-up service1ක් විදිහට පරිගනකයේ ක්‍රියාකරනවා අනෙක් කෙනාගේ User ID සහ Password අහලා connect to partner button1 press කරනකම් ඉන්න අවශ්‍යය නෑ.client පරිගනකයට Team Viewer install කරන අවස්ථාවේදීම passwordක් ලබා දියහැකි අතර එවිට ලැබෙන user IDද එම පරිගනකයට ආවේනිකවේ.මේ ආකාරයට client පරිගනක සියල්ලේ user ID හා password ලැයිස්තුවක් තබා ගැනීමෙන් ඕනෑම මොහොතක අදාල
client පරිගනක හා ක්ෂණිකව සම්බන්ද විය හැක.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

1 comments:

  1. Borgata Hotel Casino & Spa to reopen June 6 - JTM
    › app › 대전광역 출장샵 borgata-hotel-casino-spa › app 남양주 출장안마 › borgata-hotel-casino-spa Jul 16, 2021 — Jul 이천 출장마사지 16, 2021 Borgata 세종특별자치 출장안마 Hotel Casino & Spa is set to reopen June 6 in a phased fashion. The casino announced 문경 출장샵 the decision to reopen the casino

    ReplyDelete