10/22/2012

How to use Tor browser

අද අපි බලමු Tor කියන්නේ මොකද්ද සහ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියා???


Onion routing කියන ක්‍රමය යොදාගෙන නිර්නාමිකව අන්තර්ජාලයේ ඔබට සැරිසරන්න අවස්ථාව දෙන web browser1ක් තමා මේක.මේකෙන් පුලුවන් Firewalls,Proxy Servers වැනි දේවල් මගහැර යන්න.ඔය හුගාක් කාර්යාල වල වැඩකරන අය දන්නවා ඒ  අයට අදාල ආයතනයෙන් අවසරදී තිබෙන අඩවි වලට විතරයි යන්න පුලුවන් ෆේස්බුක් වැනි අඩවි වලට යන්න බෑ.ටිකක් දන්න කියන අය ඒ වෙලාවට proxy bypass sites වලට ගිහින් උදව්වක් ගන්න බලනවා.....නමුත් Firewalls තියෙන පරිසරයක මේවායින් උදව් ගන්න අමාරුයි.Keywords සහ වෙනත් ක්‍රම වලින් ඇඩ්මින් විසින් proxy bypass sites ලේසියෙන්ම බ්ලොක් කරන්න පුලුවන්.ඒ වෙලාවට මේක උත්සාහ කරල බලන1ක වටිනවා !


මේක පෝටබල් ඇප් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍යය නැත.බ්‍රවුසර්1ක ඕපන් වෙන්න ටිකක් වෙලා යනවා ඉවසන් ඉන්න.දැන් බලන්න ඔබට කලින් යන්න බැරි සයිට් වලට යන්න  පුලුවන්ද කියා!
සැ.යු-
දක්ෂ ඇඩ්මින්වරැ විසින්  Firewallහි තියෙන application filter වැනි සැකසුම් වලින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මකවීම වැළැක්විය හැක.ඒක නිසා මේක හරිගියේ නැත්නම් මට බනින්න එපා හොදේ තවද තහනම් දේට අනවසරයෙන් ඇතුලුවීමද අදාල ආයතනයේ නීතී වලට පටහැන බැවින් ඒවායින් සිදුවන කරදරවලට කිසිදු වගකීමක්  මා විසින් ගනු නොලැබේ!

3 comments:

  1. add ur blog http://lankablogs.org

    ReplyDelete
  2. සහෝදරය ඔයාගෙ බ්ලොග් එකේ බැනර් එකක් එවන්ට මගේ සයිට් එකේ දාන්ට http://www.cysinhala.tk

    http://sinhalablogreader.n8.biz එකටත් බ්ලොග් එක add කරන්න :)

    ReplyDelete