6/12/2012

Mobile Phone's Secret Codes

අද අපි බලමු ඡංගම දුරකතන වල රහස් කේත (secret codes) ටිකක්..........

මේවා මගින් ඔබේ දුරකතනයේ secret data සක්‍රීය කරගත හැක.දුරකතනයේ යතුරු පුවරුවේන් පහත කේත Type කර සක්‍රීය කරගත හැක.


  • Nokia දුරකතන වල රහස් කේත
 
 

  1. *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය(total call time),නිෂ්පාදිත දිනය හා වර්ෂය,විකිණූ දිනය ආදී අනෙක් තොරතුරු ලබාගත හැක.
  2. *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය,දිනය හා දුරකතන මාදිලිය ආදී තොරතුරු ලබාගත හැක.
  3. *‍#7780# - කර්මාන්තශාලාවේ සැකසුම් (factory default settings) වලට දුරකතනයේ සැකසුම් සැකසීම.
  4. 0 - "0" බොත්තම මද වේලාවක් ඔබාගෙන සිටීමෙන් වැප් බ්‍රවුසරයට යොමු විය හැක.
  5. *#06# - දුරකතනයේ IMEI අංකය බලාගත හැක.


  •  Sony Ericsson දුරකතන වල රහස් කේත
 

  1. Right * Left Left * Left * - මේ ආකාරයට ඔබේ දුරකතනයේ ජොයිස්ටික් ඵක හා තරුලකුණ (*) ඇමතීමෙන් ඔබේ දුරකතනයේ secret menu1ට පිවිසිය හැක.
  2. #82# - මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය ලබාගත හැක.
  3. 0# - අවසන් වරට අමතන ලද අංක බලාගත හැක.
  4. *#06# - ඔබේ දුරකතනයේ IMEI අංකය බලාගත හැක.
 
  • Samsung Android දුරකතන වල රහස් කේත
 
 
 

  1. *#*#232331#*#* - ඔබේ දුරකතනයේ බ්ලුටූත් පරීක්ෂා කිරීමට.
  2. *#*#7780#*# - කර්මාන්තශාලාවේ සැකසුම් (factory default settings) වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
  3. *#*#0*#*#* - LED පරික්ෂාව සිදුකිරීමට.
  4. *#*#2663#*#* - මෘදුකාංග සංස්කරණ අංකය ලබාගත හැක.



  • Samsung දුරකතන වල රහස් කේත
 
 








 
  1. *#9999# හෝ *#0837# - මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය,දුරකතන මාදිලිය ලබාගත හැක.
  2. #9125# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණලබාගත හැක.
  3. *#9998*246# - ඔබේ දුරකතනයේ ඩිබග් (Debug) මෙනුව ලබාගත හැක.
  4. *#9998*523# - ඔබේ දුරකතනයේ වයිබ්රේෂන් (Vibrations) පරීක්ෂාකල හැක.
  5. *#8999*837# - ඔබේ දුරකතනයේ දෘඩාංග සංස්කරණය (Hardware Version) ලබාගත හැක.
  6. *#2562# හෝ *#3849# - ඔබේ දුරකතනය රීස්ටාට්(Restart) කල හැක.


  • LG දුරකතන වල රහස් කේත
 



  1. 2945#*# හෝ 2945*#01*# - ඔබේ දුරකතනයේ secret menu1ට පිවිසිය හැක.
  2. *#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතන වල මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය ලබාගත හැක.
  3. *6861# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
  4. 2945#*# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණ අංකය ලබාගත හැක.

  • Motorola දුරකතන වල රහස් කේත
 
 
  1. #02#* හෝ *#**837# - ඔබේ දුරකතනයේමෘදුකාංග සංස්කරණ අංකය ලබාගත හැක.
  2. **0102# හෝ *#**367628# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
 
  • Alcatel දුරකතන වල රහස් කේත
 
  1. *#06# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණහා IMEI අංකය බලාගත හැක.
  2. *#4837*# හෝ *#837# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණහා දිනය බලාගත හැක.
  3. ###847# හෝ *#73738# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
 
  • BenQ-Siemens දුරකතන වල රහස් කේත
  1.  *#06# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණහා IMEI අංකය බලාගත හැක.
  2. *#9999# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
  • BlackBerry දුරකතන වල රහස් කේත










  1. Alt + R,B,V,S යතුරු තද කිරීම - වෙබ් පිටුවක Source Codes බලාගැනීමට.
  2. Alt + Left Shift + H යතුරු තද කිරීම - ඔබේ දුරකතනයේ Help menu1 බලාගැනීමට.
  3. බැටරිය ගලවා Alt + Left Shift + Del යතුරු තද කිරීම - ඔබේ දුරකතනයේ Software reset කලහැක.


මූලාශ: පරිගනක සගරාව,Google

How to Recover your PC using sfc /scannow command

අද අපි බලමු command line1 යූස් කරලා ලේසියෙන් වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් රීකවර් කරන විදිය.

  • ඇයි මං මේක කරන්න ඕනේ?

සමහර අවස්ථාවලදී වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් කරප්ට්/මිස්න් වැනි දේවල් උනාම පීසී1කේ විවිධ errors එනවා හෝ පීසී1ක slow වෙනවා
.ඒ වෙලාවට ඒ අදාල ෆයිල්ස් නැවත ප්‍රතිස්ථාපන කරන්න මේක යොදාගන්න පුලුවන්.
  • ඉතින් වින්ඩෝස් CD/DVD එකකින් බූට් කරලා රීකවර් කරනවානේ!

එහෙම කරන්න පුලුවන් නමුත් ඒකට ගොඩක් වෙලා යනවා,අනික ඒ අතරතුර වෙනත් වැඩක් කරන්නත් බෑ.මේක වෙනත් වැඩක් කරමින් උනත් කරන්න පුලුවන් හා වේගවත්.
දැන් අපි බලමු මේක කරන විදිය!
 
  1. මුලින්ම ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට අදාල CD/DVD එක ඇතුල් කරන්න.
  2. දැන් win key+ R ඔබන්න.
  3. cmd ලෙස ටයිප් කර Enter ඔබන්න.
  4. දැන් sfc /scannow ලෙස ටයිප් කර Enter ඔබන්න.(sfc හා / අතර හිඩසක් තබන්න)
  5. මෙම ක්‍රියාවලිය අවසන් වෙනතුරු ‍රැදීසිටින්න.

sfc=system file checker

How to use Virtual Box


VirtualBox මෘදුකාංගයෙන් අපිට අපේ පිසී1 ඇතුලේ තවත් පිසී1 හෝ ඊට වැඩි ගානක් හදාගන්න පුලුවන්.මේවායින් අපිට ඇත්තම පිසී1කින් වැඩ කරනවා වගේ වැඩකරන්න පුලුවන්.නෙට්වර්කින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැනි දේවල්,අත්හදා බැලීම්,වෙනත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය වැනි දේට ගොඩාක් ප්‍රයෝජනවත්.මං මේක නෙට්වර්කින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා බහුලව යොදාගෙන තියෙනවා.


අද අපි බලමු VirtualBox යොදාගෙන අපේ පරිගනකයේ Virtual
විදියට වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන ආකාරය.

 

පලමුව මෙතනින් VirtualBox බාගන්න.දැන් මෙම සෙටප් වැඩසටහන ක්‍රියාත්මකර VirtualBox ස්ථාපනය කරගන්න.දැන් පහත ආකාරයට VirtualBox open කරගන්න.


Start-All Programs-Oracle VM VirtualBox-VirtualBox




















පියවර 01

දැන් ලැබෙන වින්ඩෝවෙන් New ‍තෝරන්න.ඉන්පසු ලැබෙන වින්ඩෝවෙහි Next බොත්තම ඔබන්න.

පියවර 02




මෙහි Name යන ස්ථානයට ඔබ කැමති නමක් ලබාදෙන්න.OS Type ස්ථානයට ඔබ ස්ථාපනයට බලාපොරොත්තුවන මෙහෙයුම් පද්ධතිය ‍තෝරා දී එහි සංස්කරණයද (Version) ලබා දෙන්න.දැන් Next බොත්තම ඔබන්න.


පියවර 03

 
දැන් ඔබේ Virtual පරිගනකයට ලබාදිය යුතු RAM ප්‍රමාණය ‍තෝරන්න. මෙහිදී ඔබේ සැබෑ පරිගනකයට ක්‍රියාකිරීමට ප්‍රමාණවත් RAM මතකයක් ඉතිරිවන ලෙස හා ඔබ ස්ථාපනය කරනා මෙහෙයුම් පද්ධතිය ප්‍රමාණවත් RAM මතකයක් ඉතිරිවන ලෙස තේරීම් සිදුකලයුතුය.දැන් Next බොත්තම ඔබන්න.




පියවර 04

දැන්
Boot Hard Disk හි Create new hard disk තෝරා Next බොත්තම ඔබන්න.ඊලග වින්ඩෝවටද නැවත Next බොත්තම ඔබන්න.


පියවර 05

දැන්ලැබෙන වින්ඩෝවේ විකල්ප 2 න් ඔබ කැමති විකල්පය ‍තෝරා දෙන්න.


  1. Dynamically expanding storage- මෙහිදී අප ‍තෝරාදෙන ඉඩ ප්‍රමාණය දක්වා අවශ්‍යයතාව අනුව දෘඩ තැටියේ ඉඩ ලබා ගනී.එනම් අවශ්‍යයතාව අනුව ‍තෝරාදුන් සීමාව දක්වා ඉඩ ප්‍රමාණය වර්ධනය වේ.
  2. Fixed size storage- මෙහිදී අප ‍තෝරාදෙන ඉඩ ප්‍රමාණය දක්වා සම්පූර්නයෙන් දෘඩ තැටියේ ඉඩ ලබා ගනී.තෝරාදුන් සීමාව දක්වා ඉඩ ප්‍රමාණය වර්ධනය නොවේ.
ඉහත RAM ප්‍රමාණය ‍තෝරාදුන් ආකාරයටම දෘඩ තැටිය අදාල ඉඩ ප්‍රමාණය වෙන්කරගන්න.දැන් Next බොත්තම ඔබන්න.





පියවර 06




දැන්
Finish බොත්තම ඔබන්න.දැන් ඔබේ Virtual පරිගනකය නිර්මාණය කර අවසන්.දැන් ඔබට ලැබී ඇති වින්ඩෝවෙන් Display තුලින් Video මතකයද,Audio හා Network අදාල සැකසුම්ද කරගන්න.


පියවර 07

 

දැන් Start බොත්තම ඔබන්න.ඉන්පසු ලැබෙන VirtualBox Information කවුලුවෙදී OK බොත්තම ඔබන්න.දැන් ඔබේ Virtual පරිගනකය ක්‍රියාත්මක වේවි.දැන් ඔබ ස්ථාපනයට බලාපොරොත්තුවන මෙහෙයුම් පද්ධතියේ Boot-able CD ක් CD Rom1ට ඇතුලත් කරන්න.



පියවර 08


දැන් පහත රූපයේ දැක්වෙන පරිදි ඔබේ ‍CD Rom1 තෝරාදී Machine මෙනුවෙන් Reset ‍විධානය තෝරාදෙන්න.නැතිනම් Right Ctrl + R යන කෙටි යතුරු භාවිතාකරන්න.දැන් ඔබේ Virtual පරිගනකය Restartවී Boot-able CD න් Boot වීමට පටන් ගනීවී.දැන් සුපුරුදුපරිදි ඔබ ‍තෝරාගන් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්න.

 



පියවර 09 

 ඔබේ Virtual පරිගනකයේ කාර්යන් අවසන් වූ පසු Machine මෙනුවෙන් Close විධානය දෙන්න.මෙහිදී ඔබ සිදුකල කාර්යයන් Save කිරීමට අවශ්‍යය නම් Save the machine state විධානයද,නැතිනම් Virtual පරිගනකය කෙලින්ම Shutdown කිරීමට Power off the machine විධානය තෝරන්න.

 
තවත් මෙවැනිම VirtualBox පාඩමකින් නැවත හමුවෙමු!